Sunday, May 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි තුල ඉඳි කටු

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඔස්ටේ‍්‍රලියාවේ ස්ට්‍රෝබෙරි වෙළඳපළ තුළ මේවනවිට අර්බුධයක් හට ගෙන තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ වෙළඳපළට නිකුත් කර ඇති ස්ට්‍රෝබෙරි ගෙඩිවලින් ඇඳුම් මැසීමට යොදා ගන්නා ඉඳි කටු හමුවීමයි. මෙම තත්ත්වය බහුලව වාර්තාවී ඇත්තේ ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයෙන්. එරට පොලීසියට අනුව ඔස්ටේ‍්‍රලියාව තුළ ප‍්‍රචලිත ස්ට්‍රෝබෙරි වර්ග 06ක් මෙම අවදානම් තත්ත්වයට මුහුණ පා තිබෙනවා. 

මෙලෙස ස්ට්‍රෝබෙරි වෙළඳපල කඩාකප්පල්කාරී කිරීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට ඔස්ටේ‍්‍රලියානු ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් පිරිනැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. ඉකුත් දින කිහිපයේදී ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේ වෙලඳසැල් වලින් මිලදී ගත් ස්ට්‍රෝබෙරි ගෙඩි රැුසක මෙලෙස ඉඳිකටු කැබලි හමුවී තිබුණා.

මෙම තත්ත්වය හරහා කඩාකප්පල්කාරී පිරිස් කුඩා ළමුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ජීවත අවදානමකට ඇද දමා ඇති බවයි බලධාරීන් පවසන්නේ. මේදිනවල ඔස්ටේ‍්‍රලියාව තුළ ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්නේ නම් එම ගෙඩි හොඳින් කැබලි කර ආහාරයට ගන්නා ලෙස බලධාරීන් ජනතාව දැනුවත් කර තිබෙනවා.