Saturday, April 27, 2024

General line - 0115112241

බිමට ජලය නොමැතිව දින 09 ක් පුරා දුක් විදින නගරයක් (PHOTOS)

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




හදිසි නඩත්තු කටයුත්තක් සදහා ඉකුත් 07 හා 08 දා  දිනවල ත්‍රිකුණාමලයේ ජලය  කපා හරින බව  නිවේදනය කර දින නවයක්  යනතෙක් එම කටයුතු යථා තත්වයට පත්කිරිමට නොහැකිවිමට එරෙහිව  ත්‍රිකුණාමලය ජල පාරිභෝගිකයෝ අද (16)  සිය විරෝධය පලකරමින් ජල සම්පාදන හා ජලාප්‍රවාහන  මණ්ඩලයේ නැගෙනහිර පලාත් කාර්යාලය හා ප්‍රාදේශිය කාර්යාලය ඉදිරිපිට පෝස්ටර් අලවනු ලැබු බව එහි සිටින අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියා.

විරෝධතා පොස්ටර් ඇලවු ජනතාව පැවසුවේ දින දෙකක් ජලය අත්හිටුවන බව කීවද ඊයේ (15)  වන තෙක් ජලය ලබාදිමට මණ්ඩලය අපොහොසත්වි  ඇති බවයි.

කන්තලේ ජල පොම්පාගාරයේ සිට ත්‍රිකුණාමලයට ජලය ගෙන එන ප්‍රධාන  නලයේ අලුත් වැඩියාවකට දින  දෙකක් ජලය විසන්දි කල බලධාරින්ට යථා තත්වයට පත්කල ප්‍රධාන නලය හතර වතාවක් දින නවයක් තුල කැඩි යැම සැක සහිත බව ජල පාරිභෝගිකයෝ පවසා සිටියි.

ඔවුන් එසේ පවසන්නේ මෙම නඩත්තු කටයුත්ත  පෞද්ගලික  අංශයට ලබාදිම තුල බලධාරින්ගේ අතයට ගැහිල්ලක් නිසා  මෙම අසාධාරණය වි ඇති බවයි. ත්‍රිකුණාමලය ජල පාරිභෝගිකයන්ට මේ වනවිට ජලය වැඩි මුදලට ගැනිමට සිදුවි ඇති බව ඔවුන් සදහන් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් විමසිමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාව සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කලත් ඔහු ඒ සදහා ප්‍රතිචාර නොදැක්වූ බව අප වාර්තාකරු සදහන් කර සිටියා.