Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන යෙන් 250 ක ඉලක්කයක්

දිනුක් හේවාවිතාරණ / කසුන් කළුම්




ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 249ක් ලබා ගත්තා. ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 250 ක ඉලක්කයක් හඹා යා යුතු වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවු තිසර පෙරේරා සිය පන්දුවාර 10 තුලදී ලකුණු 55 ට කඩුලු 5 ක් දවා ගනු ලැබුවා. අකිල ධනංජය ලකුණු 39 ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් දක්ෂ පිතිකරණයක යෙදුනු රෙහමත් ෂා පන්දු 90 කදී ලකුණු 72ක් ලබා ගනු ලැබුවා. 

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු රැසක් ගිලිහි ගිය අතර ලසිත් මාලිංග ගේ පන්දු වලට පමණක් ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ලබාදුන් උඩපන්දු 4 ක් ගිලිහි ගියා.

..............................................................................

ඇෆ්ගනිස්තානය, ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් මෙල්ල කරති

(17-09-2018 19:22)

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අබුඩාබි හිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 146ක් ලබා සිටියා.

ඇෆ්ගනිස්තාන ආරම්භ පිතිකරුවන් යුගල පළමු කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගුවා. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුළු 02ක් දවා ගත් අතර ශෙහාන් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා. 

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 අතරට සුදුසුකම් ලැබීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුයි.

......................................................................

ඇෆ්ගනිස්ථානය සමග තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් 

(17-09-2018 16:38)

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රණය කල ඇෆ්ගනිස්ථානය මුලින් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

බංග්ලාදේශය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරනු ලැබූ සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා සහ අමිල අපොන්සෝ වෙනුවට අකිල ධනංජය, ෂෙහාන් ජයසුරිය සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇති බව නායක ඇන්ජලෝ මැතිව්ස් සදහන් කර සිටියා.