Friday, May 10, 2024

General line - 0115112241

හොංකොන් පිලේ ප්‍රහාරයෙන් ඉන්දියාව අනුනමයෙන් ගැලවෙයි

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 26ක ජයක් ලැබිමට ඉන්දියාව සමත් වුනා.

ඉන්දියාව විසින් ලබාදුන් ලකුනු 286ක ඉලක්කයක් හඹා ගිය හොංකොන් කන්ඩායමෙ මැදපෙල පිතිකරුවන්ගේ අදක්ෂතාවය නොවන්නට අද තරගයේ ප්‍රතිපලය මිට වඩා වෙනස් වන්නට ඉඩ තිබු බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් සදහන් කර සිටියේ.

කාසියේ වාසිය දිනු හොංකොන් කණ්ඩායමේ ආරාධනාවෙන් මුලින්ම පන්දුවට පහර දිමට පැමිණි ඉන්දිය කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදි කඩුලු 7ක් දැවි ලකුණු 285ක් රැස් කරගනු ලැබුවා.

ඉන්දිය පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක යෙදුනු ෂිකර් ධවාන් පන්දු 120ක් තුලදි ලකුනු 127ක් ලබා ගැනිමට සමත් වුනා. ෂිකර් ධවාන්ට අනගි සහයක් ලබා දුන් අම්බට්ටි රායිඩු පන්දු 70 කදි ලකුනු 60ක් රැස් කළා.

ඉන්දිය පිතිකරුවන්ට සිය ඉණිමේ අවසන් පන්දු ඕවර 10 තුලදි රැස් කර ගැනිමට හැකිවුයේ ලකුණු 48ක් පමනයි. 

හොංකොන් පන්දු යවන්නන් විසින් ඉන්දිය පිලේ පිතිකරුවන් පස් දෙනෙකු අවසන් පන්දුවාර 10 තුලදි දවා ගනිමින් දක්ෂ පන්දු යැවිමක නිරතවිය.

ලකුණු 286ක ඉලක්කයක් හඹා යාමට පැමිණි හොංකොන් පිලේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සදහා ලකුනු 174ක් රැස් කරනු ලැබුවා. ඒ පන්දු ඕවර 34ක් තුලදි.

ඉන්දිය පන්දු යවන්නන්ට හිසරදයක් වු ආරම්භක පිතිකරු අනුෂ්මාන් රාත් ලකුණු 73ක් ලබා සිටියදි පිටියෙන් ඉවත් කිරිමට කුල්දිප් යාදෙව් සමත් විමත් සමග හොංකොන් පිලේ කඩා වැටිම ආරම්භ විය.

අනුෂ්මාන් රාත් සමගින් පිටියට පිවිසි අනෙක් ආරම්භක පිතිකරු නීසාකට් ඛාන් පන්දු 115 කදි ලකුණු 92ක් රැස්කර ගැනිමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් ලබාදුන් සාර්ථක ආරම්භය මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා අවසානයේදි හොංකොන් කණ්ඩායම සිය පන්දුවාර අවසානයේදි කඩුලු 8 ක් දැවි ලකුණු 259ක් වාර්තා කිරිමට සමත් වුනා.

තරගය අවසානයේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් මෙන්ම ඉන්දිය පිලේ නායක රෝහිත් ෂර්මා පවා හොංකොන් කන්ඩායම අද තරගයේ දැක්වු දස්කම් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියා.