Sunday, May 19, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා දකුණු කොරියාවට යාමට සුදානම් වෙයි

දිනුක් හේවාවිතාරණ




ප්‍රධාන පෙලේ මිසයිල එල්ල කිරීමේ සහ අත්හදා බැලීමේ ස්ථානයක් වසා දැමීමට උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය කැමැත්ත පලකළ බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් සදහන් කරනවා.

දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුවක් ඊයේ (18) දිනයේදී උතුරු කොරියාවේදී පැවති අතර එම හමුවීමෙන් අනතුරුව දකුණු කොරියානු නායකයා මේ බැව් ප්‍රකාශ කර සිටියා.

උතුරු කොරියානු නායකයා විසින් සිය න්‍යෂ්ටිකහරණ වැඩසටහන කඩිනම් කිරීමට මෙහිදී එකඟ වූ බවත් එය කළාපයේ සහයෝගතාවය වැඩිදියුණු කර ගැනීමට පිටිවහල් වන බව දකුණු කොරියානු නායකයා පවසා සිටියා.

මේ අතර තමන් නුදුරේදීම දකුණු කොරියාවේ සංචාරයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සදහන් කර සිටියි බව දකුණු කොරියානු නායකයා සදහන් කර සිටියා.

එසේ වුවහොත් දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු උතුරු කොරියානු නායකයා කිම් ජොංග් උන් වනු ඇති.