Tuesday, May 14, 2024

General line - 0115112241

ඉතිහාසයේ අපි වැටුණු හැම මොහොතකම නැගී සිටියා : ක්‍රිකට් කණ්ඩායමත් නැගී සිටීවි - ක්‍රීඩා ඇමති

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




අපි පිලිගන්නවා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යම් පසුබෑමක් තිබෙනවා කියලා. තරගයකදී ජය පැරදුම දෙකම තියනවා. හිටපු ක්‍රීඩකයින්ගේ සහයෝගයත් එක්ක ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සදහන් කර සිටියා.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ 2019 ලෝක කුසලානය ලොව පුරා සංචාරයට සමගාමිව එම කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් අද (20) පැවති උත්සවයකට එක්වෙමින්.

ඕනෑම පසුබෑමකදී ඉදිරියට යන්න ශක්තියක් තිබෙන රටක් හැටියට ශ්‍රී ලංකාව ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී ඔප්පු කරලා තිබෙනවා. ඒ හැකියාවත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ තිබෙන පසුබෑමෙන් මිඳීලා ඉදිරියට යන්න හැකියාව තිබෙන බවට මෙහිදී ක්‍රීඩා අමාතයවායා වැඩිදුරටත් සදහන් කර සිටියා.


මේ අතර ආසියානු කුලසාන කි‍්‍රකට් තරගාවලියේ පළමුවටයෙන්ම ඉවත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (19)රාති‍්‍රයේ දිවයිනට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට ලසිත් මාලංග පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි. 



සුරංග ලක්මාල්ගෙන්ද මාධ්‍යවේදීන් මෙම පරාජය සම්බන්ධයෙන් මෙලෙස ප‍්‍රශ්ණ කළා.