Monday, May 13, 2024

General line - 0115112241

උපන්දිනය දා බංග්ලිදේශය මෙල්ල කළ ඇෆ්ගන් පන්දු යවන්නා

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 136 කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන නායකයා මුලින් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා. තරගයේ 40 වන ඕවරය දක්වා සිය අණසකට නතුකර ගෙන තිබු බංග්ලිදේශ පන්දු යවන්න ගෙන් අවසන් පන්දුවාර 10 තුලදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ලකුණු 97ක් ලබා ගැනීම හේතුවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 255ක් වර්තා කිරීමට හැකිවුනා.

ඊයේ (20) දින සිය 20 වන උපන්දිනය සැමරූ ඇෆ්ගනිස්ථාන පිලේ දඟ පන්දු යවන්න ක්‍රීඩක රෂිඩ් ඛාන් පන්දු 32 කදී වේගවත් ලකුණු 52 ක් රැස් කර ගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ගුලාබ්දින් නායිබ් පන්දු 38 කදී ලකුණු 42ක් රැස්කර ගනු ලැබුවා. ඊට අමතරව හස්මතුල්ලා ශාහිඩි පන්දු 92 කදී ලකුණු 58 ක් ලබා ගනු ලැබුවා.

ලකුණු 256 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ඇෆ්ගන් පන්දු යවන්නන් තරගය සිය පාලනයට නතුකර ගනු ලැබු අතර ඒ හේතුවෙන් අවසානයේදී බංග්ලාදේශ ඉණිම පන්දුවාර 42.1 කදී ලකුණු 119 කට සිමා කිරීමට ඔවුන් සමත් වුවා.

ෂකිබ් අල් හසන් (32), මහමදුල්ලා (26) සහ මොසැඩක් හුසේන් (27*) හැරෙන්න අනෙක් බංග්ලාදේශ පිතිකරුවන් 8 දෙනාට ලකුණු 10 ක් රැස් කර ගැනීමට පෙර යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් විය. 

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයට පිවිසීමට සමත් විය.