Sunday, May 19, 2024

General line - 0115112241

වියට්නාම් ජනපති අභාවප්‍රාප්ත වේ (VIDEO)

දිනුක් හේවාවිතාරණ




වියට්නාම් ජනාධිපති ට්‍රාන් දායි කුආන්ග් (Tran Dai Quang) අභාවප්‍රාප්තවූ බව එරට මාධ්‍ය මගින් වාර්තා කර සිටිනවා. මියයන විට ජනාධිපතිවරයා 61 වන වියේ පසුවූවා.

දිගු කලක් පුරා රෝගාතුරව සිටි ජනාධිපතිවරයා වියට්නාමයේ හමුදා රෝහලකදී ඊයේ (21) අභාවප්‍රාප්තවූ බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටියේ. 2016 වර්ෂයේදී ඔහු වියට්නාමයේ ජනාධිපතිධුරයට පත්විය.

ඉකුත් බදාදා චීන දුත පිරිසක් වියට්නාමයේ සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේදී අවසන් වරට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටියි බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ජනාධිපතිධුරයට පත්වීමට පෙර මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යංශයේ දශක 4 ක කාලයක් සේවය කළ ඔහු කීර්තිමත් එමෙන්ම දැඩි තීන්දු තීරණ ගන්නා නායකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියා.