Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සුන් කළ ඇෆ්ගන් පන්දු යැවීම (PHOTOS)




ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් සුපිරි තරගයක් ඊයේ (25) පැවැත්වුණා.

ඒ, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි. තරගය අවසන් වුයේ ජය පරාජයෙන් තොරවයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50දී කඩුලූ 08කට ලකුණු 252ක් රැස් කළා. මොහොමඞ් ශෙසාඞ් එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124ක්. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 5කදී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 252ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණයට ලකුණු 06ක් ලබාගත යුතුව තිබුණද ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් ඉන්දියානු ජයග‍්‍රාහී සිහින බොඳ කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

ඒ, ඒ වනවිට ඉන්දියාවේ එකම බලාපොරොත්තුව වූ රවීන්ද්‍ර ජඬේජා අවසන් කඩුල්ල ලෙස දවා ගනිමින්.