Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙකුට අවස්ථාව




ලොවපුරා ජනප‍්‍රිය වෙමින් ඇති පන්දුවාර 10 ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් හය දෙනෙකුට අවස්ථාව උදාවී තිබෙනවා.

දැඩි කතාබහට ලක්වූ ලසිත් මාලිංග ද ඒ අතරට අයත්වීම විශේෂත්වයක්.

මීට අමතරව තිසර පෙරේරා, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා සහ ඉසුරු උදාන ද තරගාවලිය සඳහා තෝ්රාගෙන තිබෙනවා.

නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ සාජාහිදීයි. ලෝක ප‍්‍රකට ලීග් ක‍්‍රිකට් තරගාවලි අතර නම් දැරූ ක‍්‍රීඩකයින් වන ක‍්‍රිස්ගේල්, රෂීඞ් ඛාන්, ඇන්ඩ්‍රේ රසල්, සහිඞ් අප‍්‍රිඩි සහ කිරන් පොලාට් ද තරගාවලියට එක්වනු ඇති.