ශ්රී ලංකා ක්රිකට් සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්රිකට් නායක මහේල ජයවර්ධන සිය නිල ට්වීටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා. ඔහු පවසන්නේ හැඟීම්බර තීරණ සැමවිටම නිවැරදි නොවන බවයි.
වඩා වැදගත් වන්නේ ශ්රී ලංකා ක්රිකට් වෙනුවෙන් වඩා හොඳම දේ පිළිබඳ සිතා බැලීම බවයි ඉන් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම කිළිටි රෙදි කිසි ලෙසකින්වත් ප්රසිද්ධියේ සේදීමට කටයුතු නොකළ යුතු බවද මහේල ජයවර්ධන පවසනවා.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳ වාර්තා වී දින කිහිපයකට පසු මහේල මෙවැනි සටහනක් තැබීම විශේෂත්වයක්. එමෙන්ම එළඹෙන එංගලන්ත සංචාරයට ද මැතිව්ස් නම් නොකරනු ඇතැයි මේ වනවිට වාර්තා පළ වෙමින් තිබෙනවා.