Friday, May 3, 2024

General line - 0115112241

මැතිව්ස් සහ කුසල් ඉවතට

සමන්ත කුමාර




එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරගාවලියෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර තිබෙනවා. 

එම තරගාවලියට නම් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. ඔහුට 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් එක්දින කණ්ඩායමේ නායකත්වය ලබා දීමටද කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් ද එක්දින කණ්ඩායමෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.  

කෙසේවෙතත් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කෙරුණු කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ඇතුළත්ව සිටිනවා.  

මෙම කරුණු අනාවරණ කෙරුණේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අද (26) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.