අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඉරාණයට අනතුරු ඇඟගවීමක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ සිය රටට, රටවැසියන්ට හෝ සිය හිතමිතුරු පාර්ශවයන්ට හානියක් සිදු කිරීමට උත්සහ කළ හොත් ඉරාණයට ඒ සඳහා ප‍්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
ජෝන් බෝල්ටන් මෙම අනතුරු ඇගවීම සිදු කිරීමට සුළු මොහොතකට පෙරදී ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ද ඉරාණයට එරෙහිව ප‍්‍රකාශයක් සිදු කර තිබුණා. ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ ඉරාණය විසින් මැදපෙරදිග කලාපය අස්ථාවර කර ඇති බවයි. ඒ නිව්යෝර්ක් නුවර පැවැති සමුළුවක් අමතමින්. කෙසේවෙතත් ඉරාණය නායක හසන් රොහානි ප‍්‍රකාශ කර ඇත්තේ තර්ජනයන්ගෙන් තොරව සාකච්ඡාවකින් පමණක් දෙරටෙහි අර්බුධ විසඳා ගත හැකි බවයි.