Friday, May 3, 2024

General line - 0115112241

පාකිස්ථානය ගෙදර යවා බංග්ලාදේශය අවසන් මහ තරගයට යයි

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලානයේ ඊයේ (26) පැවති තරගයෙන් පාකිස්ථානය පරාජයට පත් කරමින් ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට බංග්ලාදේශය පිල සමත් විය.

කාසියේ වාසියේ දිනා මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය සියලු දෙනා දැවි පන්දුවාර 48.5කදි ලකුණු 239ක් රැස් කර ගනු ලැබුවා.

බංග්ලාදේශ ඉණිමේ මුල් කඩුලු 3 ලකුණු 12කට දැවි ගියා. ඉන් පසුව මුෂ්ෆිකර් රහිම් (99) සහ මොහොමඩ් මිතුන් (60) එක්ව සිවුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 144ක සම්බන්ධතාවයක් එක් කරමින් කඩා වැටුනු බංග්ලාදේශ ඉණිම ශක්තිමත් කළා.

ජයග්‍රාගි ලකුණු 240ක ඉලක්කයක් හඹා යාමට පැමිණි පාකිස්ථාන පිතිකරුවන්ට සාර්ථක විමට ඉඩ නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නන්  සාර්ථක පන්දු යැවිමක නිරත විය.

පාකිස්ථානය සිය පන්දු ඕවර 50 අවසානයේදි කඩුලු 9ක් දැවි වාර්තා කලේ ලකුණු 202ක් පමණයි. පාකිස්ථානය වෙනුවෙන් ඉමාම් උල්-හක් ලකුණු 83ක් වාර්තා කරන ලදි.

දක්ෂ පන්දු යැවිමක නිරතවු මුස්ටෆිසුර් රෙහෙමාන් ලකුනු 43 කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මේ අනුව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දියාව සමග බංග්ලාදේශය තරග වැදිමට නියමිතයි.