Friday, May 3, 2024

General line - 0115112241

"මට ආයෙත් කාලය පස්සට යන්න පුළුවන් නම්" - හතුරු කිව්ව කතාව




ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් එක් අයෙකුට වරද පටවන්නට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඊයේ (26) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ,

"මමත් ඇතුළුව මේ පරාජයේ වගකීම කණ්ඩායම භාර ගන්නවා. නමුත් මට ආයෙත් කාලය පස්සට ගිහින් මේ විදිහට පුහුණු කරන්න අවස්ථාවක් තිබ්බා නම් මම මොනවත් වෙනස් කරන්නේ නෑ. බංග්ලාදේශ කණ්ඩායම ගැන කතා කළොත්.. එයාලා කාලයක් තිස්සේ හොඳට සෙල්ලම් කරපු කණ්ඩායමක්. ඇෆ්ගනිස්තාන් කණ්ඩායමත් හොඳ තත්ත්වයකට එමින් සිටින කණ්ඩායමක්.. අපි කාලයක් තිස්සේ හොඳ තතත්ත්වයක හිටියේ නෑ.. අපි දක්ෂතා අතරට නොආපු එකට මට හේතු තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස් අයින් කළ එක ඒකට හේතුවක් නෙමෙයි. ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ලබා දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළේ නෑ. මම කණ්ඩායමට ආපුවාම එයාගෙන් ඉල්ලීමක් කළා එන්න කියලා..ඒකට එකඟ වෙලා එයා ආවා. නමුත් දැන් අපිට තේරෙනවා එයා එයාගේ ක්‍රිකට් ෆිට්නස් එක දියුණු කරගන්න ඕනේ කියලා. විශේෂයෙන්ම එයා පන්දු රැකලා බැට් කරන වෙලාවට අපි දකිනවා එයාගේ තත්ත්වය. මේක එයාගේ ලකුණුවලට වගේම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ටත් ඒක බලපානවා. කාලයක් අපි අධීක්ෂණය කරලා තමයි  බැලුවේ."