Friday, May 3, 2024

General line - 0115112241

රටවල් 05ක ක්‍රිකට් නායකයින්ගෙන් ලැබුණු පැමිණිල්ලක් ගැන ICCය හෙළිකරයි

කසුන් කැළුම් - අන්තර්ජාලය ඇසුරෙන්




තරග පාවාදීම් සම්බන්ධයෙන් තැරව්කරුවන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවට රටවල් පහක ක‍්‍රිකට් නායකයින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබෙනවා.

පකිස්තානය, සිම්බාබ්වේ ඇතුළු රටවල් 05ක ක‍්‍රිකට් නායකයින් එම පැමිණිළි යොමු කර ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ඩුබායිහි පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කර ඇත්තේ.

බොහෝ දුරට සිය ආයතනයෙන් බැහැරව වෙනත් සංවිධාන මගින් පවත්වන පෞද්ගලික තරගාවලිවලදී මෙවැනි බලපෑම් එල්ල වන බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය අනාවරණ කර ඇත්තේ.