අනාචාරයේ හැසිරීම මින් ඉදිරියට නිත්‍යානුකුලව වරදක් නොවන බවට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) තීන්දු කර තිබෙනවා.
ඒ අනුව යටත් විජිත යුගයේ සිට පැවත එන වසර 158 ක් පැරණි ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 497 වන වගන්තිය ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කර ඇති බව සදහන්. පැරණි නිතිය අනුව විවාහක කාන්තාවක් ස්වාමිපුරුෂයාගේ වත්කමක් ලෙස නිර්වචනය කර තිබුනා.
විවාහක කාන්තාවක් සිය ස්වාමි පුරුෂයාගේ අනුදැනුමෙන් තොරව වෙනත් සහකරුවෙක් සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම අනාචාරයේ හැසිරීම යන චෝදනාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලැබුවා.
මෙම නිතිය අත්තනෝමතික බවත් පිරිමින් සහ කාන්තාවන් අතර වෙනස්කම් ඇති කිරීමට මෙය ඉවහල්වී ඇති බවට අභියෝග කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉතාලියේ ජිවත් වන 41 හැවිරිදි ව්‍යාපාරිකයෙක් විසින් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එමෙන්ම ඉන්දියාවේ විවාහක පුරුෂයින් සිය බිරිඳ ගෙන් දික්කසාද වීම සදහා අනාචාරයේ හැසිරීම යන චෝදනාව යටතේ නඩු ගොනු කිරීම බහුලව සිදු කරනු ලබන බවත් පිරිමින්ට එරෙහිව මෙම චෝදනාව එල්ලවීම ගැන සංඛ්‍යාත්මකව හෝ සදහන් වීමක් නොමැති බව පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥවරයා සදහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම පෙත්සමේ අඩංගු කරුණු සලකා බැලීමෙන් අනතුරු පංච පුද්ගල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වසර 158 ක් පැරණි " අනාචාරයේ හැසිරීම යන චෝදනාව" දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීමට නියෝග කරනු ලැබුවා.
මිට සති කිහිපයකට පෙර ඉන්දියාව විසින් සමලිංගිකත්වය නීතිවිරෝධී බවට පනවා තිබු වසර 157 ක් පැරණි යටත් විජිත යුගයේ නිතිය ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.