Friday, May 3, 2024

General line - 0115112241

සුසන්තිකාට යළි ලොකු පුටුවක්




ඔලිම්පික් පදක්කම් ශූරි සුසන්තිකා ජයසිංහට යළිත් වරක් කී‍්‍රඩා උපදේශක තනතුරක් හිමිවී තිබෙනවා. ඒ, කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ උපදෙස් මතයි. ඒ අනුව සුසන්තිකා ජයසිංහට මෙවර ලබාදී ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යාංශයේ කී‍්‍රඩා ප‍්‍රවර්ධන උපදේශක තනතුරක්. ඇය එම ධුරයේ හෙට පෙරවරුවේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මීට පෙර දයාසිරි ජයසේකර කී‍්‍රඩා අමාත්‍යවරයා සිටි සමයේද සුසන්තිකා ජයසිංහට කී‍්‍රඩා උපදේශක තනතුරක් ලබාදී තිබුණා. ඒ, ජාත්‍යන්තර තරග සදහා සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීම් පිළිබදවයි.