Friday, May 3, 2024

General line - 0115112241

පිරිමි කබඩි කණ්ඩායම ඉන්දියාවේ යවන්න හොර අත්සන් ගහලා - බලධාරීන් නිහඩයි

කසුන් කැලුම්




තේරීම් කමිටු සාමාජිකයින්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන කබඩි තරගාවලියක් සදහා සහභාගි කරවීමේ උත්සාහයක් පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. එ් කබඩි සම්මේලනයේ විධායක කමිටුවේද අනුමැතියකින්ද තොරවයි.

ලබන මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සදහා ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වූ කබඩි කී‍්‍රඩකයන්ද වනවා. කබඩි තේරීම් කමිටු සාමාජික පරාක‍්‍රම එ්කනායක සදහන් කළේ මෙම කී‍්‍රඩක ලැයිස්තුවේ අනුමැතිය ලබා ගැනීමට සිය අත්සනද කවුරුන් හෝ ව්‍යාජ ලෙස යොදා ඇති බවයි.

කබඩි තේරීම් කමිටුවේ තවත් සාමාජික වන කේ කේ දසන්ත ද පැවසුවේ තමන් ද එවැනි කණ්ඩායමකට අනුමැතිය දීම සදහා සිය අත්සන නොයෙදූ බවයි. 

ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවිම සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කබඩි තේරීම් කමිටුවේ සභාපති සුදර්ශන හෙට්ටිආරච්චිගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ එහි සටහන්ව ඇති තම අත්සන තමන් විසින්ම තබනලද්දක් බවයි.