Friday, May 3, 2024

General line - 0115112241

ආසියානු කුසලාන අවසන් මහා තරගය අද

කසුන් කැලුම්




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි කී‍්‍රඩාගංණයේදී අද (28) පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.

බංග්ලාදේශය ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයකට එක්වන 3 වන අවස්ථාව මෙය වනවා. ඔවුන් 2012 සහ 2016 යන වසරවලදී ආසියානු කුසලාන තරගාවලියන්හි අවසන් මහා තරගයට පිවිසියා. කෙසේවෙතත් ඔවුන්ට එහිදී සිදුවූයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමටයි. ඉ

න්දියාව මේ දක්වා 6 වතාවක් ආසියානු කි‍්‍රකට් ශූරතාව දිනා තිබෙනවා. අවසන් වරට 2016 වසරේ පැවති ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී බංග්ලාදේශය පරාජය කරමින් ශූරයින් බවට පත්වූයේද ඉන්දියාවයි.