Friday, May 3, 2024

General line - 0115112241

ලින්ටන් දාස් සුපිරි පිතිහරඹයක

සමන්ත කුමාර




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ඇරයුම් කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ කඩුළු 6කට ලකුණු 188ක් ලබා සිටියා. බංග්ලාදේශය ආරම්භක පිතිකරුවන් යුගල ලෙස පිටියට පිවිසි ලිටන් දාස් සහ මෙහිඩි හසන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 120ක සාර්ථක සබඳතාවක් ගොඩනැගුවා. 

මෙහිඩි හසන් පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 32කටයි. ඉම්රුල් කයිස් දෙවන කඩුල්ල ලෙස ලකුණු 02කට දැවී ගියා. මුශ්ෆිකර් රහීම් දැවී ගියේ ලකුණු 05කටයි. ආරම්භක පිතිකරු ලිටන් දාස් ශතකයක් රැස් කරමින්  බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේදී කෙදර් ජාදව් ලකුණු 16කට කඩුළු 02යි.