ඉන්දුනීසියාවේ සිදුවූ මැග්නිටියුඩ් ඒකක 7.5ක භූමිකම්පාවක් නිසා එරටට සුළු සුනාමි තත්ත්වයක් ඇතිව තිබෙනවා. අද (28) පස්වරුවේ ඉන්දුනිසිය්වේ සුලාවෙසි දුපත් අසල මුහුදේ මෙම ප්‍රබල භූකම්පනය සිදුව ඇති බවයි අමෙරිකා භූවිද්‍යා කාර්යාංශය සදහන් කලේ.
මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
අද දිනයේ දී සුලාවෙසි දුපත් ආසන්නයේ ඒකක 6.1ක ප්‍රබල භුකම්පනයක් සිදුවු අතර ඉන් සුළු මොහොතකට පසුව මෙම ප්‍රබල භූකම්පනය සිදුව තිබෙනවා. භූකම්පනය සිදුවීමත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
මිටර් 2 (අඩි 6.6ක්) කට උසින් පැමිණි සුනාමි රළ පහර හේතුවෙන් සුලාවෙසි දුපතේ නිවාස විශාල ප්‍රමාණයක් විනාශවී ඇති අතර මිනිසුන් විශාල පිරිසක් සුනාමි රළ පහරට ගොදුරුව ඇති බව ඉන්දුනීසියානු ආපදා ඒකකය සදහන් කරන්නේ.