Thursday, November 28, 2024

General line - 0115112241

ලොවපුරා ෆේස්බුක් ගිණුම් මිලියන 50කට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් වැළැක්වූ හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ලොවපුරා ෆේස්බුක් ගිණුම් පරිශීලිකයින් මිලියන 50 කගේ ගිණුම් හි ආරක්ෂක පද්ධතියේ බිද වැටිමක් පසුගිය 25 වනදා සිදුව ඇති බව එම සමාගම නිවේදනය කරනවා. ෆේස්බුක් ගිණුමේ තිබෙන "View As" යන උපාංගය ඔස්සේ ප්‍රහාරකයින් ෆේස්බුක් ගිණුම්වලට ඇතුල්වීමේ ටෝකන් (Facebook Access Tokens)  සොරා ගැනීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ කිරීමට හැකිවූ බවයි සමාගම සදහන් කර සිටින්නේ. 

යම් හෙයකින් මෙම ෆේස්බුක් ගිණුම් හි ඇතුල්වීමේ ටෝකන් සොරා ගැනීමට එම ප්‍රහාරකයින් සමත් වුවා නම් එම ගිණුම්වල නියම හිමිකරුවන් ඉන් ඉවත් කොට එය ඔවුන්ගේ පාළනයට නතුකර ගැනීමේ හැකියාව ඔවුන් සතුවනවා.

එම ප්‍රහාරය එල්ල වනවාත් සමග සිය ඉංජිනේරුවන් විසින් එය මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි ෆේස්බුක් සමාගම සදහන් කරන්නේ.

ඒ අනුව ඊයේ (28) දිනයේදි ලොවපුරා ෆේස්බුක් ගිණුම් මිලියන 90ක් ස්වයංක්‍රියව අක්‍රිය (Log Out) කොට යළි පන ගැන්විමට එම සමාගම විසින් කටයුතු කරනු ලැබුවා.

ෆේස්බුක් ආරක්ෂක පද්ධතියේ බිඳ වැටිම පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සදහන් කර සිටියේ සිදුවුයේ කුමක්ද යන්න ගැන පරික්ෂා කරමින් සිටින බවයි.

එමෙන්ම ෆේස්බුක් පරිශිලිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබු ක්‍රියා මාර්ගයන් ගැනද ඔහු සිය සටහන ඔස්සේ හෙලිකර තිබෙනවා.

2018 වසරේ ගතවු මාස 09ක කාලය තුල ෆේස්බුක් පරිශිලිකයින්ගේ දත්ත සොරා ගැනිම් සහ ගිණුම් වල ආරක්ෂාව බිද වැටිමේ සිදුවිම් බහුලව සිදුවු කාල සීමාවක් වුවා.