ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ‘‘පාලූ’’ ප්‍රදේශයට ඊයේ බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.5ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. භු කම්පනය හේතුවෙන් පාලූ ප්‍රදේශයේ වෙරළාශි්රතව සුනාමි තත්ත්වයක්ද හට ගැනුනු අතර මිටර් 02ක පමණ උසකින් යුත් මුහුදු රළ රට තුළට කඩා වැදී තිබුණා.
ආපදාකාරී තත්ත්වයෙන් ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවද සඳහන්. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් සඳහන් කළා.