Friday, May 3, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා රග්බි පිල හොංකොං හමුවේ පසු බසියි

කසුන් කැලුම්




ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ දෙවන තරගය අද පරාජයට පත් වුණා. ඒ, හොංකොං කණ්ඩායම හමුවේයි. හොංකොං කණ්ඩායම එම තරගය ජය ගත්තේ ලකුණු 31 ට 14 ක් ලෙසයි. 

ශී‍්‍ර ලංකාව, චීන තායිපෙ කණ්ඩායම ලකුණු 33 ට 12 ක් ලෙස පළමු තරගයේදී පරාජයට පත් කළා. ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම මූලික වටයේ සහභාගි වන 3 වන සහ අවසන් තරගය සත්කාරක දකුණු කොරියාවට එරෙහිව හෙට (30) පැවැත්වීමට නියමිතයි.