Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩන් බංග්ලාදේශය පරදවයි

කසුන් කැලුම්




යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති පළමු තරගයේදී සත්කාරක බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 6 කින්.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 46.4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 141ක් ලබා ගනු ලැබුවා. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකිරීමට පෙර යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුවා.

ජයග්‍රාහි ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 144 ක් ලබා ගනු ලැබුවා. ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් නවනිදු ප්‍රනාන්දු නොදැවී ලකුණු 64ක් ලබා ගනු ලැබුවා.