HIV සහ ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 14% කින් ඉහළ ගොස් තිබෙන බව චීන රජය අද (29) නිවේදනය කළා.
එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ HIV සහ ඒඩ්ස් රෝගයෙන් පෙළෙන මුළු සංඛ්‍යාව 820,000 ක් බවයි. එමෙන්ම මේ වසරේ දෙවන කාර්තුවේදී අලුත් රෝගීන් 40,000ක් වාර්තාවූ බවයි ඔවුන් සදහන් කරන්නේ.
වැඩි වශයෙන් HIV සහ ඒඩ්ස් රෝගය බෝවීමේ හේතුව නව ලිංගික හැසිරීම් හේතුවී ඇති බවයි චීන බලධාරීන් සදහන් කරන්නේ.
චීනයේ ඇතැම් ප්‍රාන්තවල ඒඩ්ස් රෝගය පැතිරී යාමට හේතුවී ඇත්තේ අනාරක්ෂිත රුධිර පාරවිලනය හේතු කාරණා වී ඇති බව ආනාවරණය වී ඇත්තේ.
වසරකදී චීනයේ පමණක් නව HIV සහ ඒඩ්ස් රෝගයට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ. මෙයට වැඩි වශයෙන් හේතුවී ඇත්තේ සමලිංගික සම්බන්ධතාවයන් චීනයේ ඉහළ ගොස් තිබීම බව අනාවරණය කරගෙන තිබෙනවා. මිට අමතරව අනාරක්ෂිත ලිංගික හැසිරීම් ද මෙයට හේතුවී තිබෙනවා.
සීඝ්‍ර ලෙස ඉහළ යන HIV සහ ඒඩ්ස් රෝගය වලක්වා ගැනීම සදහා 2003 වසරේ සිට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට චීන රජය තීරණය කරනු ලැබුවා.