Friday, May 3, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල ලෝක ශුරතා කි‍්‍රකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කසුන් කැළුම්




විශ්ව විද්‍යාල ලෝක ශුරතා කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම සමත්වුණා.

ඒ, අවසන් මහා තරගයේදී ඉන්දියාවේ පූනේ එම්. එම්. සී. සී. විශ්ව විද්‍යාලයීය කණ්ඩායම කඩුළු 04කින් පරාජය කරමින්.

තරගය පැවැත්වුණේ කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගනයේදීයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවේ එම්. එම්. සී. සී. විශ්ව විද්‍යාලයීය කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුළු 02ක් දැවී ලකුණු 211ක් රැස් කළා. 

ශී‍්‍ර ලංකා ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේ අවසන් පන්දුවාරයේදීයි. බිඳ වැටුනු කඩුළු සංඛ්‍යාව 06ක්. 

මෙහිදී දිනෙත් තිමෝද්‍ය ලකුණු 54ක් සහ සුපේශල ජයතිලක ලකුණු 29ක් රැස් කිරීමට සමත්වුණා.

අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රනිත් ලියනාරච්චි පන්දු 14කදී ලකුණු 26ක් රැස් කරමින් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායමේ දිනෙත් තිමෝද්‍යයි.