Tuesday, April 30, 2024

General line - 0115112241

ජල බෝතලයටත් උපරිම මිලක් නියම කෙරේ

තරංග රුක්ෂාන් ජයසේකර




පානීය ජල බෝතල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 350 හේ සිට මිලි ලීටර් 499 දක්වා වූ ජල බෝතලයක උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල් 26ක්. මිලි ලීටර් 500ත්, 749ත් අතර ජල බෝතලයක අපරිම සිල්ලර මිල ලෙස රුපියල් 35ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මිලි ලීටර් 750 ත්, 999ත් අතර පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 40ක්. 

ලීටරයත්, ලීටර් 01 යි මිලි ලීටර් 499ත් අතර පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 50ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ලීටර් 1 යි 
මිලි ලීටර් 500ත්, ලීටර් 04 යි මිලි ලීටර් 999 ත් අතර ජල බෝතලයක් අලෙවි කළ හැකි උපරිිම මිල වන්නේ රුපියල් 70ක්. ලීටර් 05ත්, ලීටර් 06 යි මිලි ලීටර් 999ක ජල බෝතලයක් රුපියල් 150කටත්, ලීටර් 07 ක ජල බෝතලයක් රුපියල් 170කටත් අලෙවි කළ යුතු බවටයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.