Tuesday, April 30, 2024

General line - 0115112241

කාන්තා රග්බි කණ්ඩායම ආසියානු සත් සාමාජික පළඟ ශුරතාවය දිනයි

කසුන් කැලුම්




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ පළඟ ශුරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා රග්බි කාන්තා කණ්ඩායම අද (30) පස්වරුවේ සමත්වුණා. 
ඒ, එහි අවසන් තරගයේදී තායිලන්තය ලකුණු 22 ට 5ක් ලෙස පරාජය කරමින්. හොංකොංහි පැවැති පළමු අදියරේ ද පළඟ ශූරතාව දිනා ගත්තේ ශී‍්‍ර ලංකා රග්බි කාන්තා කණ්ඩායමයි. 

මේ අතර ශී‍්‍ර ලංකා රග්බි පිරිමි කණ්ඩායමට පළඟ ශූරතාව දිනා ගැනීමට තිබූ අවස්ථාව අද ගිලිහී ගියා. ඒ පිලිපීනය හමුවේ ලකුණු 19ට 17ක් ලෙස පරාජය වීමත් සමගයි. කෙසේ වෙතත් හොංකොංහි පැවැති පළමු අදියරේදී පිලිපීනය පරාජය කරමින් ශී‍්‍ර ලංකාව එම අදියරේ තුන්වන ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක්. ආසියානු සත් සාමාජික තරගාවලියේ තුන්වන අදියර ලබන මස 13 සහ 14 ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.