ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිරවී සිටින 15 හැවිරිදි දැරියකගේ ජීවිතය බේරා ගැනීමට සහන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. සහන සේවකයින් පවසන්නේ සුනාමි ව්‍යවසනය හා භූමිකම්පාව සිදුවී දින දෙකකට පසුව මෙම දැරිය තමන්ට හමුවූ බවයි.
" දැරියගේ කකුල් දෙක සුන්බුන් වලට යටවී තිබෙනවා. ඇයව නිරුපද්‍රිතව බේරා ගැනීමට අප සෑම උත්සහයක්ම දරනවා යැයි" එම මෙහෙයුමේ නිරතව සිටින ප්‍රධානියා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.
නුරල් ඉස්තිකාරා නම් මෙම ඉන්දුනීසියානු දැරිය සුන්බුන් අතරේ සිරවී සිටින ජායාරුපයක් මේ වන විට විදෙස් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
මිට වසර 33 කට පෙර කොලොම්බියාවේ නෙවාඩෝ ඩෙල් රූස් ගිනි කන්ද සක්‍රිය වීමෙන් පසු ඇතිවූ නාය යාමට ගොදුරුවූ ගම්මානයක නිවසක සිරවී සිටියදී මියගිය ඕමයිරා සන්චෙස් ගර්සෝන් නම් 13 හැවිරිදි දැරියගේ ලෝක ප්‍රසිද්ධ ජායාරුපය හා ඉන්දුනීසියානු දැරියගේ ජයාරූපය හා සිදුවීම එකහා සමාන බවක් ගෙන තිබෙනවා.
මේ අතර ඉන්දුනීසියාවේ සුලාවෙසි දුපතට බලපෑ භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනයෙන් මියගිය සංඛ්‍යාව 1203 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කඩා වැටුනු ගොඩනැගිලි අතරේ සිරවී සිටින පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
ඒකක 7.5 ක ප්‍රභල භූකම්පනය සිදුවූ අපකෙන්ද්‍රය පිහිටි ඩොන්ගාලා නම් නගරය ආසන්නයට ලඟා විමට සහන සේවකයින් හට තවමත් හැකියාවක් ලැබී නැහැ. මේ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මිට වඩා ඉහළ යනු ඇති බවයි ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කරන්නේ.
ඉන්දුනිසියානු බලධාරීන් සදහන් කරන්නේ පසුගිය සිකුරාදා ඇතිවූ සුනාමි රළ පහර පැයට කිලෝමීටර් 500 ක වේගයකින් ගොඩබිම කරා පැමිණ ඇති බවයි.