Thursday, May 2, 2024

General line - 0115112241

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර




ශී‍්‍ර ලංකා තරග සංචාරයට සහභාගී වන එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

එංගලන්ත පිල ලබන 05 වැනිදා සහ 06 වැනිදා කොළඹදි පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන 10වැනිදායි. තරග 05ක් ඊට ඇතුළත්. 

පළමු තරග 02 දඹුල්ලේද, ඉතිරි තරග 02 මහනුවරද, අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදි ද පැවැත්වෙනවා. දෙරට අතර පන්දුවාර 20 තරගය කොළඹදී පැවැත්වෙන්නේ ලබන 27වැනිදායි. ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 06 වැනිදා ගාල්ලේදී ආරම්භ වනවා. ඊට තරග 03ක් ඇතුළත්.