Monday, May 6, 2024

General line - 0115112241

හොදම තුන් ඉරියව් කණ්ඩායම එංගලන්තයයි - සංගක්කාර පවසයි

දිනුක් හේවාවිතාරණ




එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. වත්මන් එංගලන්ත කණ්ඩායම ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි හොදම තුන් ඉරියව් දක්ෂතාවයන් ගෙන් හෙඹි කණ්ඩායම බවයි  සංගක්කාර මෙහිදී සදහන් කර සිටියේ.

එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි තිබෙනවා. ඔවුන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම එක්දින කණ්ඩායමයි, නමුත් ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයෙයි. එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පාලනය තමන් සතු කර ගැනීමට නම් හොදින් දක්ෂතා අතරට පැමිණිය යුතු යැයි ඔහු සදහන් කර සිටියා.

පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමටත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේදී තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මේ වසරේදී එංගලන්ත කණ්ඩායම ඉන්දියාව හා පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියන් ජය ගැනීමට සමත් වුනා.

" මම හිතන්නේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වේවි. මන්ද එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට අනුගතවීමට හැකියාව තිබෙනවා වගේම ඔවුන් සතුව හොද පිතිකරණ බල ඇණියක් තිබෙනවා. එය අංක 10 දක්වාම විහිදෙනවා. ඔවුන් කිසිදු අවස්ථාවක කණ්ඩායමේ පිතිකරණ අංශය වෙනස් කිරීමක් කර නැහැ. එය 2019 ලෝක කුසලාන තරගාවලියට හොද අඩිතාලමක්. එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ඇලෙස්ටයාර් කුක් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන් මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය මෙයයි. එම පුරප්පාඩුව පිරවීමට එන්නේ නවක ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවට එය හොද අවස්ථාවක්" යැයි සංගක්කාර මෙහිදී සදහන් කර සිටියා.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඕනෑම කණ්ඩායමක් මුහුණ දෙන අභියෝගය තමයි දඟ පන්දු යවන්නන්. එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්නාට වඩා හොදින් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවුවහොත් එය තීරණාත්මක සාධකයක් වනු ඇති. මන්ද එංගලන්ත දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට අදිල් රෂිඩ් සහ මොඊන් අලී සිටිනවා. විශේෂයෙන් අදීල් රෂිඩ් ශ්‍රී ලංකාවේ තණ තීරුවල දක්ෂතාවයන් දක්වනු ඇති. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් හා රංගන හේරත් මත වැඩි වගකීමක් තිබෙනවා. පළමු ඉනිමේදී වැඩි වාසි අත්කර ගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම බවයි ශ්‍රී ලංකා හිටපු නායකයා සදහන් කර සිටියේ.

 

(Cricinfo.com)