Friday, May 10, 2024

General line - 0115112241

කැළණි ගගේ ජල මට්ටම ඉහළ යයි - ප්‍රදේශ රැසක ජනතාවට අනතුරු අඟවයි




කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹ, කැළණිය, කොළොන්නාව, බියගම, කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. 

මේ අතර බැද්දගාන තෙත්බිම් උද්‍යානය ස්වභාවික සෞන්දර්යය රැකෙන පරිදි ඉදිකර ඇති නිර්මාණයක් හේතුවෙන් අධික වර්ෂා සහිත තත්වයන් හිදී අනපේක්ෂිත ලෙස වතුර මට්ටම ඉහළ යෑමේ අවධානමක් පවතින බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති පරිදි ඊයේ (06) දින මෙන්ම ඉදිරි දිනවලදීත් වර්ෂා තත්වය ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවත්  ඒ හේතුවෙන් විවේකීව පවුලේ අය සමග කාලය ගත කිරීමට පැමිණෙන මහජනතාවගෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටින්නේ අධික වැසි සහිත තත්වයන් හිදී උද්‍යානයට ප‍්‍රවේශ වීමෙන් වලකින ලෙසයි.

කාලගුණය යහපත් තත්වයට පත්වීමත් සමග නැවතත් සුපුරුදු පරිදි මෙම උද්‍යානය මහජනතාවට විවෘත කෙරෙන බවද සඳහන්.