Thursday, May 9, 2024

General line - 0115112241

අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානයට ජනතාවට ඇතුළුවීම තහනම් කෙරේ




අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එහි ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළයාමේ අවාදනම හේතුවෙන්. 

බැද්දගාන තෙත් බිම් උද්‍යානය ස්වභාවික සෞන්දර්ය රැකෙන පරිදි නිර්මාණය කර තිබෙනවා. බොහෝ දෙනෙකු විවේකීව කාලය ගත කිරීම සඳහා එම ස්ථානයට පැමිණෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටින්නේ අධික වැසි තත්වයන්හිදී උද්‍යානයට ප‍්‍රවේශවීමෙන් වළකින ලෙසයි. 

කාලගුණය යහපත් අතට පත්වීමෙන් පසුව නැවත වරක් උද්‍යානය ජනතාව වෙනුවෙන් විවෘත කරන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ.