Thursday, May 9, 2024

General line - 0115112241

වර්ෂාව තවදුරටත් : ධිවරයින්ට අනතුරු ඇඟවීම්

දිනුක් හේවාවිතාරණ




බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අවපීඩන තත්ත්වය හේතුවෙන් හෙට දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම අවපීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට මිලි මිටර් 150 ක ඉක්මවූ වැසි ඇති වනු ඇති. 

වර්ෂාව පවතින කාලයේදී විටින් විට දැඩි සුළං ඇතිවනු ඇති අතර අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ අතර මන්නාරම සිට හම්බන්තොට, මාතර, ගාල්ල, කොළඹ සිට පුත්තලම දක්වා වන මුහුදු කලාපයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉක්මවන බැවින් ධිවර හා නාවික ප්‍රජාවට සැලකිලිමත්වන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.