Thursday, May 9, 2024

General line - 0115112241

පොලිසියේ 'බටා' ගෙවන්න සල්ලි නෑ

හේමන්ත කහවලගේ




පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන බටා හෙවත් සංයුක්ත දීමනාව ඉකුත් දා වැඩි කෙරුණත් මේ දක්වා එම වැඩි කෙරුණු මුදල පොලිස් නිලධාරීන්ට හිමි නොවන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පොලිස් කොස්තාපල්වරයෙකුට මෙතෙක් ගෙවන ලද සංයුක්ත දීමනාව මසකට රුපියල් 8,400ක්. ඉකුත් දා කෙරුණු සංශෝධනයට අනුව එය දෙගුණයක් වනවා. මෙම සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේ සිටයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන් 75,000ක් පමණ දැනට සේවයේ යෙදී සිටින බවයි. ඒ අනුව වැඩි කළ සංයුක්ත දීමනාව ගෙවීම සඳහා මාසිකව වැය වන මුදල රුපියල් මිලියන 700ක් පමණ වනු ඇතැයිද ඔහු පැවසුවා.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේවනවිට විදෙස් සංචාරයක නිරත වී සිටිනවා.