Friday, May 10, 2024

General line - 0115112241

ටිට්ලි යයි - වැසි අඩුවෙතැයි බලාපොරොත්තුවක්

ඩිල්ෂාන් මඩවල




බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වු ටිට්ලි සුළි කුණාටුව මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් ඈතට ගමන් කරමින් තිබෙනවා. ඒ අනුව හෙට (11) සිට වැසි අඩු වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේවෙතත් බොහෝ ප‍්‍රදේශවලට අදත් වැසි අපේක්ෂා කෙරෙනවා. මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර. 

දකුණ සහ ඌව යන පළාත්වලත් කළුතර සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක තරමක තද වැසි ද අද අපේක්ෂා කෙරෙනවා. 
ඇතැම් මුහුදු ප‍්‍රදේශවලට ද අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් මුහුදු ප‍්‍රදේශ රළු වීමට ද ඉඩ තිබෙන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර පැවසුවේ.