Sunday, May 5, 2024

General line - 0115112241

චෝදනා ගැන මට දෙන්න උත්තර නැහැ-සනත් ජයසුරිය

දිනුක් හේවාවිතාරණ




අයිසීසී දුෂණ මර්ධන කමිටුව මගින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා දෙක සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමක් සිදු කළ නොහැකි බව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති හා ක්‍රිකට් නායක සනත් ජයසුරිය පවසා සිටිනවා.

තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනාවන් සඳහා පිළිතුරු ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දින 14ක් කල් ලබාදී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් මේ මොහොතේදී අදහස් දැක්විම අයිසීසී නිතියන්ට පටහැනි බවයි සනත් ජයසුරිය සඳහන් කරන්නේ.

සිය නිතිඥවරුන් කණ්ඩායම මේ වන විටත් අයිසීසී ය වෙත ලබා දිය යුතු පිළිතුර සම්බන්ධව වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් එම වැඩ අවසන් වුවාට පසුව තමන් පිළිතුරු ලබාදීමක් සිදුකරන බවයි හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තමන්ට එරෙහිව මුදලට තරග පාවාදිම්, තණතිලි සැකසිම් වැනි චෝදනාවන් අයිසීසීය මගින් එල්ල කර නැති බවත් සනත් ජයසුරිය විසින් සඳහන් කර සිටිනවා. ඔවුන්ගේ විමර්ෂණයන්ට මාගේ සහය නොලැබුනු බවටයි චෝදනා කර තිබෙන්නේ.

ක්‍රිකට් ක්‍රිඩාවේදි තමා සෑම විටම නිවැරදිව, විනිවිදභාවයකින් යුතුව කටයුතු කර ඇති බවත් ඉදිරියේදිත් එසේ සිදුකරන බවට සනත් ජයසුරිය සඳහන් කර සිටිනවා.