Monday, April 29, 2024

General line - 0115112241

චන්දිමාල් හෙට පිටියට

කමල් සුරවීර




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග හෙට (20) පැවැත්වීමට නියමිත සිව් වන එක්දින කි‍්‍රකට් තරගයට දිනේෂ් චන්දිමාල් කි‍්‍රඩා කරන බව කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසනවා. පල්ලෙකැලේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතය අද ප‍්‍රකාශයට පත් කෙරුණා. එහි නායකත්වය හිමිව ඇත්තේ චමරි අතපත්තුටයි. නොවැම්බර් මස 9 වනදා සිට 24 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වෙනවා.