Sunday, April 28, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අතුරු තහනම් නියෝගයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ/ මහේෂ් චතුරංග




පාර්ලිමෙන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 07 වෙනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. 

ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් දෙසැම්බර් 4,5 සහ 6 යන දිනයන් හිදී විභාගයට ගැනීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

මෙය අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ගනු ලැබූ තීන්දුවක් බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.