ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් වසන්ත ලංකාතිලක පැවසුවේ සිය ගැටලුවලට ආණ්ඩුව විසඳුම් ලබා නොදෙන්නේ නම් මැයි පළමුවනදා සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා.