Monday, April 29, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ ලැව්ගින්නේ 1000ක් අතුරුදන්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ, කැලිෆෝනියා ප‍්‍රාන්තයේ හටගත් ගැව් ගිනි හමුවේ අතුරුදන්වූ පුද්ගලයින් සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි ප‍්‍රාන්ත බලධාරීන් පවසනවා. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී ඇති අතර ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 70ක්.

මෙම ලැව් ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ අක්කර එක් ලක්ෂ 42,000ක භූමි ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවද බලධාරීන් සඳහන් කළා. මෙම ලැව් ගිනි තත්ත්වය ඉතිහාසයේ කැලිෆෝනියා ප‍්‍රාන්තය තුළ ව්‍යාප්ත වුණු දරුණුතම ලැව්ගිනි තත්ත්වය ලෙසද සැලකෙනවා.