මැතිවරණ සමයේ ප්‍රකාශ කළ තරම් අගයකින් විදුලිබිල අඩුකිරීමට හැකියාවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.
වාහන ආනයනය සහ රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ පියවර ගෙන තිබූ බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.