Thursday, November 28, 2024

General line - 0115112241

විදුලිසැර වැදීමකින් දීඝජන්තු 1 හස්තියා මරණයට

තිසර සමල් සෝමරත්න




කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. 

ආඬියාගල, ගිඟු‍රුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් එම හස්තියා මරණයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා ලෙසටයි දීඝදන්තු 1 හස්තියා සැලකුණේ. 

විදෙස් සංචාරකයින් එම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමේ අපේක්ෂාවෙන් යුතුවයි.