Friday, May 10, 2024

General line - 0115112241

පොලිස් මෙහෙයුම් දැඩි වේ - කුඩු ජාවාරමට සැක පිට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ටී.කේ.ජී කපිල - කටුනායක




හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දින (06) පොලීසිය විසින් සිදු කළ වැටලීම් වලින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම තිදෙනාගෙන් එක් සැකකරුවෙකු හෙරොයින් ග‍්‍රෑම් 04කට ආසන්න ප‍්‍රමාණයක් සමග කඳානේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. තවත් සැකකරුවෙකු හෙරොයින් ග‍්‍රෑම් 10ක් සමග අඟුලානේදී අත්අඩංගුවට පත්ව තිබේ. තෙවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 03ක් සමග පානදුරේදීයි. 

මේ අතර 2008 වසරේ සිට මේ දක්වා වසර 10ක කාලයේදී ශ‍්‍රී ලංකාවේ මහාධිකරණ විසින් පුද්ගලයින් 371 දෙනෙකුට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බවත් පොලීසිය පවසනවා.