Monday, April 29, 2024

General line - 0115112241

මකා දැමූ හඬපටයේ ඇති දේ නාමල් කුමාර හෙළිකරයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




තමන් විසින් මකා දැමූ බව කියන හඬපට සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අනාවරණයක් සිදු කළා.

මෙලෙස මකා දැමූ බව කියන හඬ පට පිළිබඳ පරික්ෂණ සිදු කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යය වෙත යොමු කර තිබෙනවා.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළ එම හඬපට, මෙහිදී පරීක්ෂා කෙරෙනු ඇති.

මකාදැමූ බව කියන මෙම හඬපටවල ඇත්තේ කුමක්දැයි, ඒ පිළිබඳ නාමල් කුමාර නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා.

එහිදී "නාලක සිල්වා මහත්තයා මට කෝල් කරලා අහනවා..ඇයි ඔයා මම කථා කරන ඒවා රෙකෝඩ් කරලා අහවල් පුද්ගලයාට අහන්න දුන්නේ කියලා.  මේ කතා කරන වෙලාවට මම ඉන්නේ පංසලක. එතකොට මම කල්පනා කළා දැන් මේක තිබිලා අහු වුණොත් අනිවාර්යයෙන් මේ මනුස්සයා මට වෙඩි තියලා මරලා දානවා. ඒ නිසා මම ඒ හඬපටය ඒ වෙලාවෙම මකලා දානවා. හැබැයි අර ආපු කෝල් එක හඬපටයක් විදිහට තිබුණා. ඒක තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ මොකක් හරි තාක්ෂණයක් භාවිතා කරලා මේ මකලා දාපු හඬපටය ගන්න කියලා." යනුවෙන් සඳහන් කළා.

කෙසේවෙතත් තවමත් සිය ආරක්ෂාව අවදානමක පවතින බවයි නාමල් කුමාර මෙහිදී කියා සිටියේ. 

මෙම ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් මේ වනවිට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.