Monday, April 29, 2024

General line - 0115112241

මෝදර වෙඩි තැබීම පිටුපස කලක පටන් පවතින ආරවුලක්

කසුන් කැළුම්




කොළඹ, මෝදර ප‍්‍රදේශයේ ඊයේ (10) සිදුවූ වෙඩි තැබීම පාතාල සාමාජිකයෙකු වන ප‍්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ල වී තිබුණේ ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටි පාතාල සාමාජිකයෙකු වන චූටි උක්කුවා නමැත්තාගේ නැගණිය සහ මස්සිනා ඇතුළු හය දෙනෙකුටයි.

මෙම වෙඩි තැබිම දෙපාර්ශ්වය අතර කලක පටන් පවතින ආරවුලක ප‍්‍රතිඵලයක් බවයි පොලීසිය සඳහන් කළේ. එම පිරිසට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වී තිබුණේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට නැවත නිවෙස් වෙත පැමිණෙමින් සිටියදීයි.

ඊයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් තී‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක්ද තුවාල ලැබුවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවේ.