Monday, April 29, 2024

General line - 0115112241

එජාපයේ මීළඟ සැළසුම ගැන ගම්මන්පිළ කියයි

කසුන් කැළුම්




රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වනවා.

හෙට (12) පාර්ලිමේන්තුව රැස් වූ පසු එම යෝජනාව ඉදිරිපත් කරන බවයි එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම පැවසුවේ. 

මේ අතර ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල එක්සත් ජාතික පක්‍ෂයේ මීළග සැලසුම පිළිබඳවද අනාවරණයක් කළා.

ඔහු එහිදී කියාසිටියේ මෙම යෝජනාව සම්මත වීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කරන්නැයි ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කිරීමට සූදානමින් සිටින බවයි.