Monday, April 29, 2024

General line - 0115112241

රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ ස්ථානයක් වටලයි

මාධව කුලසූරිය




ව්‍යාජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගල‍යින් හතරදෙනෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසූවේ වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිළධාරීන් හා වවුනියාව පොලිස් නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මෝටර් රථ පරීක්ෂක නිළධාරිවරයාගේ නිළ මුද්‍රාවද ව්‍යාජ ලෙස සකස් කොට ව්‍යාජ තාවකාලික රියදුරු බලපත් නිකුත් කොට ඇති බවයි.

එහිදී එක් රියදුරු බලපත්‍රයක් රුපියල් 15000 ත් 18000 ත් අතර මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් කිලිනොච්චිය, පදවිය, ගල්ගමුව හා වවුනියාව ප්‍රදේශයන්ගේ පදිංචි වයස අවුරුදු 35 ත් 50 ත් අතර සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ව්‍යාජ රියදුරු බලපත් සකස් කළ ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා ජිවිතක්ෂයට පත්ව ඇති බවද සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.